ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සිනමාව
ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සිනමාව
90 දශකය වන විට ජනවාර්ගිකත්වය සුළු වශයෙන් සිනමාවට රැගෙන ඇත. තිස් වසරක් පුරා පැවති යුධමය තත්වය පිළිබඳ කතා කිරීමට හොඳම වාතාවරණය වන්නේ මෙම යුගයයි. සාමාන්‍යයෙන් සමාජයක් තුළ නිර්මිත අර්බුද සිනමාවට ගෙන එන විට යුද්ධය යන සාධකය වඩාත් වැදගත් වේ. මෙම වකවානුව සමාජ සංස්කෘතික වශයෙන් ප්‍රබල අර්බුද බිහි කළ කාල වකවානුවක් බැවින් කලාව මඟින් සිදු කළ හැකි කාර්යභාරයක් ලෙසින් සිනමා නිර්මාණ පිළිඹිබුවක් දැක්විය හැක. මේ තුළ සමාජයේ එක් එක් පුද්ගලයන්ගේ ජීවිත වල පරමාර්ථයන් හා පැවැත්ම තීරණය කරන ආකාරය පිළිබඳ නිර්මාණාත්මක ප්‍රකාශනයන් මඟින් දෘශ්‍යමාන කෙරේ. ප්‍රකාශන මාධ්‍යයන් අතරින් කලාත්මක ප්‍රකාශන මාධ්‍යය වැදගත් වන අතර සිනමාව යනු එහි දෘශ්‍ය මාධ්‍යයකි. ගැටුම්කාරී පරිසරයක් තුළ කලාත්මක ප්‍රකාශන හැකියාවන් ප්‍රබලව පවතින්නේ සිනමාවටයි.
පශ්චාත් යුධ සිනමාවේදී එහි සමාජ සංස්කෘතික අංගයන්ගේ වෙනස්වීම් සහ ඒවායෙහි පරිවර්තනයන් සිදුවූ ආකාරය පිළිබඳ මිනිස් සමාජ ජීවිත වලට ඇතුළත් වන ගැටළු හා අභියෝග නිරුපණයට අවශ්‍ය පදනම සපයා ගැනීම වැදගත්ය. පශ්චාත් යුධ සමයක පවතින මෙවන් අර්බුද සියුම්ව නිරූපණය කිරීමේ හැකියාව පවතින්නේ සිනමාවටයි. යුද්ධයෙහි අනිටු විපාක, එහි පසුබිමෙහි දක්නට ලැබෙන තත්වයන් යනාදිය නිරුපණය කිරීමට ශ්‍රි ලංකාව තුළ සිනමා නිර්මාණ රැසක් බිහිවී ඇත. ලාංකේය පශ්චාත් යුධ සමයීක සිනමා නිර්මාණ රැසක යුධ විරෝධී ආකල්පයන් ගැබ් වී ඇත.
පශ්චාත් යුධ සිනමා නිර්මාණ
සරත් වීරසේකර - ගාමණී
බෙනට් රත්නායක - ඉර හඳ යට
විමුක්ති ජයසුන්දර - අහසින් වැටෙයි
සුමිත් රෝහණ - ස්තූතියි නැවත එන්න
සුනෙත් මාලිංග ලොකුහේවාය - සිංහාවලෝකනය
බූඩි කීර්තිසේන - මාතා
අශෝක හඳගම - ඉනිඅවන්
ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක
මානව සමාජ සංස්කෘතික පදනම අර්බුද සම්මිශ්‍රණය කළ තෝතැන්නක් වේ. යුද්ධය නිම වී වසර ගණනාවක් වුවද ඒවායෙහි අමිහිරි මතක සටහන් තවමත් මිනිස් ජීවිත වලට බලපෑම් එල්ල කරන අයුරු මෙම සිනමාපට හරහා නිරූපණය කරයි. මනෝ සමාජීය වශයෙන් යුද්ධය මිනිස් ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම ප්‍රබල ලෙසම මෙම නිර්මාණ තුළ නිරුපිතය. යුධමය තත්වය නිල වශයෙන් අවසන් වුවද සිනමාවේ කාර්යභාරය අවසන් නොවීය. පශ්චාත් යුධ සමයේ සිනමා නිර්මාණ පුළුල් සමාජ කතිකාවක් ගොඩනැංවීමට සමත්කම් දක්වයි. බොහෝ විට ජනවාර්ගික පදනම මත නිරුපණය කෙරෙන සාමාන්‍ය නිර්මාණ වලට ඔබ්බෙන් ගමන් කර එම ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සාමාන්‍ය ප්‍රේක්ෂක දෘෂ්ඨිකෝණයට වඩා හාත්පසින් වෙනස් දෘෂ්ඨිකෝණයකින් යුක්තව පශ්චාත් යුධ සමයේ සිනමා නිර්මාණ ඉදිරිපත් කර ඇත. ඒ අනුව පශ්චාත් සංග්‍රාමික අවධිය තුළ අධ්‍යාත්මික වශයෙන් මතවාදී, දෘෂ්ඨිවාදී ,මනෝමය, සමාජීය, දේශපාලනික වශයෙන් සමාජ සන්දර්භයේ ඇති වූ බෙදීම නොහොත් හිඩැස යම් ආකාරයකට සමනය කිරීමට, සන්තුලනය කිරීමට සිනමාව භාවිතා කළ හැකිය. පශ්චාත් යුධ ලාංකික සිනමාව තුළ සමාජ, සංස්කෘතික නිරූපණයක් සේම ආර්ථික, දේශපාලන වපසරිය ද මනා කොට නිරූපණය කරනු ලබන්නේය. ඒ සෑම නිරූපණයක් තුළින්ම සමකාලීන සමාජ තත්වය නිරූපණය කොට එහි වපසරියන්ට අනුරූප වන ආකාරයේ සමාජ සංස්කෘතික විචාරයකට හසු කරලීම වැදගත් වන්නේය.
කිසියම් මොහොතක සිනමා කෘතියක ප්‍රචණ්ඩකාරීත්වය සමඟ නිරාවරණය වන්නේ අතීතය තුළ වෙනම ජීවත් කරමින් වර්තමාන ජීවිතය පෙරළියකට පත් කිරීම සඳහා සිදු වී ඇති පෙරළියකි. මිනිසුන්ගේ අදහස් හා පිළිගැනිම් මූලික වශයෙන් සෑදී තිබෙන්නේ ගැඹුරුම සංස්කෘතික පදනමක් මතය. මෙම අරමුණු වලට ඇති නොගැළපීම හා ප්‍රතිවිරෝධතාවයන් ජනිත කරවීමට මෙම සිනමා නිර්මාණ දායක කර ගත හැක. මේවා සමහර විට ව්‍යවසනකාරී ගැටුම් ලෙස දෘශ්‍යමාන වේ. නමුත් එහි සැබෑ අඩංගුව වන්නේ යුද්ධයෙන් පසුව මනුෂ්‍ය හදවත්හි පවතින වේදිතයන්ය. විවිධ සංස්කෘතික, වාර්ගික,ජාතික, ආර්ථික, අධ්‍යාපනික තලවල සිටින විවිධ දේශපාලන මතිමතාන්තර දරන පරස්පර විරෝධී ප්‍රපංචයන්ගෙන් සැදුම් ලත් මානව සංහතිය තුළ විවිධ ප්‍රතිවිරෝධතා දක්නට ඇත- එම ප්‍රතිවිරෝධතා යම් මට්ටමක තිබීම තුළින් සමාජ යාන්ත්‍රණය මනා ලෙස ක්‍රියාත්මක වේ. නමුත් එම ප්‍රතිවිරෝධතා ගැටුම් දක්වා වර්ධනය වීම තුළින් සංහිඳීයාව හීන වී යයි. ඒ අනුව යුධ මානසිකත්වය, ගැටුම්කාරී තත්වය එවැනි දෑහි නිරූපණයන් ලාංකේය පශ්චාත් යුධ සිනමා කලාවේ දැකිය හැක.
සටහන - ඉස්සා
Wedagath post ekak good job isso 😍☺️
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteගොඩක් වැදගත් මාතෘකාව්ක් ගැන කතා කරලා තියෙන්නේ❤️
ReplyDelete👍👍
ReplyDelete