ලාංකීය සංගීතය තුළ ප්‍රාසාංගික හඬ කලාව බිහිවීම කෙරෙහි කේමදාසියානු සංගීත භාවිතාව අද්‍යතන සංගීත කලාවේ නූතන මොඩලය “හඬ” කලාව මත නිර්මාණය වූවක් බව කිව යුතුය. එහිදී පෙරදිග සංගීතය මෙන්ම අපරදිග සම්භාව්‍ය සංගීතය නූතනත්වය කරා එන විට හඬ නිශ්පත්තිය හා හඬ කලා පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කරමින් බොහෝ දුර ගොස් ඇත. ඒ අනුව යමින්, ලාංකේය සංගීතය ද කලාවක් වශයෙන් බෙහෛා් දුර ගෙවා ගොස් ඇත. දියුණු වූ ජන සංගීතයක උරුමකම් කියන ලාංකේය “ජන සංගීතය” වනාහී එය අන් කිසිඳූ දේශයකින් පැමිණ වූ ආගමනයක් නොව, ලාංකීය ගැමි ජීවිතයේ ආශාවන් සන්තර්පණය මත නිර්මාණය විය. එය මෙය සමාජ ජීවිත වල පැවැත්මට වින්දනයට උපරි ආරෝපණයක් වූවා නොව ඒ වෙතින්ම ප්‍රභවය ලැබූවක් බව කිව යුතුය. මෙසේ කාලය හා අවකාශය ඉක්මවාලමින් ලෝකය හා සමගාමී ගමනක නිරත වන ලංකාව ද නූතන ආර්ථික,සමාජයීය, දේශපාලන හා සංස්කෘතිමය සංරචකයන් හා එක්ව නූතන සිද්ධාන්තයක් සේ සංගීතය යන උභය කුලකය විකාශනය වූ බව ප්‍රකාශ කළ යුතුය. නූතන ආකෘතියට ( model ) යටත්ව එයට අනන්‍ය හැඩයක්, රටාවක්, වර්ණයක්, දේශපාලනික බලපෑමක්, මතවාදීමය ප්‍රවේගයක් මෙන්ම දාර්ශනික කියවීම...